පළමු රන්දෝලි පෙරහැර වීථි සංචාරය අරඹයි මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහැර මේවන විට වීථි සංචාරය ආරම්භ කර තිබේ. අද සිට දින 5ක් අඛණ්ඩව රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිත අතර ලබන 27 වනදා අවසන් රන්දෝලි පෙරහර වීථි සංචාරය කිරීමට නියමිතයි.