මහජනතාව ප‍්‍රතික්ෂේප කර ඇති විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිසේත් සම්බන්ධකර ගැනීමට කැමැත්තක් නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින’ ට පැවසීය. මෙම දේශපාලනඥයන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සම්බන්ධවීමට සූදානම් වන බවට පැතිරෙන රාවය සම්බන්ධයෙන් විමසූ විට ඊට පිළිතුරු දෙමින් අග‍්‍රාමාත්‍යවරයා එසේ ප‍්‍රකාශ කළේය.
කුඩා කාලයේ සිට මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ආසාවක් තිබූ බවත්, එම බලාපොරොත්තුව මෙවර ඉටුවන බවත් ජනප්‍රිය නිළි ඕෂධී හේවාමද්දුම මහත්මිය පවසනවා. ඒ අනුව පොදුජන පෙරමුණ හා එක්ව බදුල්ල දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බවයි ඇය යූටියුබ් නාළිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙන්නේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහිකිරීමට නියමිත නව සන්ධානයට එක්වීමට පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ මනෝ ගනේෂන් යන මහත්වරුන් තීන්දු කොට ඇත.
තිඹිරිගස්යායේ පිහිටි මොහොමඩ් ඉම්රාන් යන අයගේ නිවසින් සතොසෙන් අතුරුදන්ව තිබූ ලිපිගොනු රැසක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශන කණ්ඩායම් සමත්වී ඇත.
ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හුදෙකලා කිරීමේ අවශ්‍යතාවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) අවශ්‍යව ඇතැයි ශ්‍රීලනිපය පාර්ශවය පෙන්වා දෙයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී තුනෙන් දෙකක මැතිවරණ ජයග්‍රහණයක් ලබාගැනීමේ අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සිය ප්‍රතිපත්තිමය වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට නියමිත බව අභ්‍යන්තර ආරංචිමාර්ග වාර්තා කරයි.
ඉදිරි මහා මැතිවරණය සඳහා නාම යෝජනා ලබාදීමේදී අපේක්‍ෂක අපේක්‍ෂිකාවන්ගේ ජනප‍්‍රියත්වය හා ප‍්‍රසිද්ධිය පමණක් සැළකිල්ලට නොගෙන ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඇතුළු වෙනත් සුදුසුකම් පිළිබඳව සළකා බලා නාමයෝජනා ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අවධානය යොමුව ඇතැයි එම පක්‍ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
මනාප තරඟයට ගොස් සමගිය නැති වුවොත් 2/3 දෙක නොව 113ක සරල බහුතර ආණ්ඩුවක් වත් පිහිටුවීමට නොහැකි වනු ඇති බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය පවසයි.
නව සන්ධානය සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටළු විසඳා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (12) රාත්‍රියේ පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
UNP National Organiser Navin Dissanayake today said that the symbol issue within the party will be solved by Monday next week.
නව සන්ධානය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණත් එකතු වන්නේ නම් අලියා ලකුණ වෙනුවට වෙනත් ලකුණක් යොදා ගැනීම ගැටළුවක් නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ.
මුස්ලිම්වරුන්ගේ දැඩි සහයෝගය ඇතිව ඉදිරි මැතිවරණයෙන් පොදු ජන පෙරමුණ ස්ථීර වශයෙන්ම ජයග්‍රහණය කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
තමන් දේශපාලනයට පැමිණිමට තීරණය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ පුත් උවිදු විජේවීර ප්‍රකාශ කරයි.
නව සන්ධානයේ ලකුණ ඇතුළු ගැටළු විසඳා ගැනීම සඳහා 10 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එකඟ වී තිබේ.
දේශපාලනය යනු වෙනම වෘත්තියක් බවත්, එහිදී වඩා වැදගත් වන්නේ දේශපාලනය පුලුවන්ද යන්න මිස වියත් බව හෝ වෙනත් ක්ෂේත්‍රයක තිබෙන ප්‍රවීණත්වය හෝ නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. කෙසේ වෙතත් සෑම ක්ෂේත්‍රයකම නියැලෙන්නන්ට දේශපාලනයට පැමිණීමේ සහ මැතිවරණවලට තරග කිරීමේ අයිතිය පිළිගන්නා බව ද මන්ත්‍රීවරයා පවසනවා.
Former parliamentarian Mohamed Mussammil, today (13), lodged a complaint with the Inspector General of Police (IGP) against former Minister Rishad Bathiudeen.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී එක්ව තරග කළහොත් ජයග්‍රහණය කරන බව රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
ඉදිරි මැතිවරණයේදී සියලුම දිස්ත්‍රික්වලට තම පක්ෂය තරඟ වැදීමට අපේක්ෂා කරන බැව් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පවසයි.
Page 423 of 551