Sunday, January 18, 2026
Follow Us
සජිත්ගේ ආරාධනයට දයාසිරිගෙන් පිළිතුරු

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටක එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගත වීමට සුදානම් නොමැති බව ශ්‍රී පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

කොළඹදි මාධ්‍යට අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩු හැදිමට සුදානම් නොමැති බවයි.

හිටපමෛත්‍රීපාල සිරිසේන මහතා දිගින් දිගටම විවේචන සිදු කිරිමෙන් නව සන්ධානය වටා සිටින ප්‍රගතිශිලි පාර්ශව කල කිරිමට ලක්වන බවයි දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද ඉදිරියේදී වමේ ප්‍රගතිශිලි බලවේගය සමග එක්වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කළේය

(Aruna)