Sunday, January 18, 2026
Follow Us
රවි රාජගේ බිරිඳ යාපනයෙන් මහමැතිවරණයට

ඝාතනයට ලක්වූ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ්ගේ බිරිඳ වන සශිකලා රවිරාජ් එළඹෙන මහ මැතිවරණයට තරග කිරීමට තීරණය කර තිබෙනවා. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පැවසුවේ සශිකලා රවිරාජ් යාපනය දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කිරීමට සූදානම් බවයි.

ඉංගෙයි තමිල් අරසු පක්ෂය කාත්නා නියෝජනය වැඩිකිරීමට ගෙන ඇති තීරණය හමුවේ ඇය එළඹෙන මහ මැතිවරණයට ඉදිරිපත් කිරීමට සිය පක්ෂය තීරණය කර ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා පැවසුවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් පාර්ලිමේන්තුවට තේරීපත් වුනේද යාපනය කොට්ඨාශය නියෝජනය කරමින්.

(Neth)