තවත් වසර පහක කාලයක් එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ කටයුතු කිරීමට කැමැති බව රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ප්‍රකාශ කළ බව අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා ඊයේ (11 වැනිදා) ප්‍රකාශ කළේය.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තම ‘පුංචි ප්‍රචාරක කාඩ්පත්’ සඳහා ආක්‍රමණික ශාක භාවිතයෙන් සෑදූ ප්‍රථිචක්‍රිත කඩදාසි භාවිත කිරිමට තීරණය කළ බවට පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පැවසීය.
එජාපයේ මූලිකත්වයෙන් ගොඩනැගෙන සන්ධානය අලුත් නමකින් සහ අලුත් ලකුණකින් පිහිටවීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සජිත් පාර්ශ්වයේ බලාපොරොත්තුවයි. කෙසේ වෙතත් අද පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඊට එරෙහිව එජාප මන්ත්‍රීවරුන් පිිරිසක් අදහස් දක්වා තිබේ.
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සන්ධානයක් පිහිටුවා ඇත්තේ මින් පෙර අනුගමනය කළ ක්‍රමවේදයන්ට අනුව බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකදීයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන පක්ෂය වන "සමගි ජන බලවේගයේ" ජාතික සංවිධායක ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව සන්ධානයක් පිහිටුවීමට සහ ඉකුත් ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ජනාධිපතිවරණයට පෙර අත්සන් කළ අවබෝධතා ගිවිසුම් දෙකක් ශ්‍රී ලනිපය විසින් ප්‍රසිද්ධියට පත්කරනු ලැබීය.
ඉදිරි මහ මැතිවරණයේදී චෝදනා එල්ල වූ පුද්ගලයින්ට නාම යෝජනා ලබා නොදිය යුතු බව ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
The Sri Lanka Freedom Party (SLFP) has sought urgent talks with President Gotabaya Rajapaksa, Prime Minister Mahinda Rajapaksa and Sri Lanka Podujana Peramuna National Organiser Basil Rajapaksa.
United National Party (UNP) leader Ranil Wickremesinghe reportedly told Opposition Leader Sajith Premadasa yesterday that he was not ready to reappoint MP Ajith P. Perera to the Working Committee, but had no issue in giving assent to the accommodation of the other three members.
මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ ප්‍රධාන සාධකය විශ්වාසය වන නමුත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කෙරෙහි ජනතාවගේ කිසිදු විශ්වාසයක් නොමැති බව කණගාටුවෙන් වුවත් ඉතාම පැහැදිලිව ප්‍රකාශ කළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
සමගි ජන බලවේගය පක්ෂයේ සභාපතිවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පිළිගැනීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
The UNP Working Committee yesterday unanimously approved the name of MP Ranjith Madduma Bandara as the General Secretary of the new UNP-led alliance to be formed to contest the upcoming General Elections, but differences over the symbol under which the polls will be contested led to several members walking out of the meeting.
සමගි ජාතික බලවේගය පක්ෂය මැතිවරණ කොමිෂන් සභාව පිළිගැනීම නිසා එහි තනතුරුලාභී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇත.
පසුගිය යහපාලන රජය සමයේ සිදු කර ඇති බව කියන මහා පරිමාණ වංචා, අයථා ඉඩම් ගනුදෙනු ඇතුළු බරපතළ මූල්‍ය අක‍්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා ළඟදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී. අයි. ඞී.) භාරයට ගෙන ප‍්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
The Sri Lanka Podujana Peramuna (SLPP) yesterday expressed confidence that it could contest the forthcoming General Election and secure the majority of seats on offer without forming a coalition with the Sri Lanka Freedom Party (SLFP).
සජිත් පේ‍්‍රමදාස මහතා විසින් පිහිටුවීමට යන සමගි ජාතික බලවේගයේ ඉංගී‍්‍රසි නාමයේ කෙටි යෙදුම යූඇන්පී යන්නට සමාන වන බැවින් එම නමින් දේශපාලන පක්‍ෂයක් ලියාපදිංචි නොකරන ලෙස එක්සත් ජාතික පක්‍ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඊයේ (11 දා) ලිපියක් යවමින් ඉල්ලා තිබේ.
මහමැතිවරණය සඳහා විද්වතුන් ඉදිරිපත් කළ යුතු බවට ඇතැමුන් යෝජනා කළ ද විද්වතුන් වුවත් බිම්මට්ටමේ ජනතාවගේ වුවමනාවන්, අපේක්ෂාවන් නොහඳුනන්නේ නම් ඔවුන් ගැන කතා කිරීම පවා ඵලක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම මේ වනවිට පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී ආරම්භ වී තිබෙනවා. ඊට සහභාගිවීම සදහා පක්‍ෂ නායක, රනිල් වික්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ද පැමිණ සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
Page 424 of 551