Monday, July 14, 2025
Follow Us
සජිත්ගෙන් ශ්‍රීලනිපයේ කොන් වූ පිරිස්වලට ආරාධනාවක්

එළඹෙන මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග එක්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කොන් වූ පිරිස්වලට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද ආරාධනාවක් කළා. විපක්‍ෂ නායකවරයා මෙම ආරාධනාව කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.

සුළු පක්‍ෂ ඇතුළත් නව සන්ධානයක් සදහා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉදිරිපත් වූ අදහස පිළිබදවද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා.

එක්සත් ජාතික පක්‍ෂයේ සිරිකොත මූලස්ථානයේද අද තවත් මාධ්‍ය හමුවක් පැවැත්වුණා. ඊට සහභාගි වූ එක්සත් ජාතික පක්‍ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් පැවසුවේ එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් අපේක්‍ෂකයන් තෝරා ගැනීම මේ දිනවල සිදුවන බවයි.

එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානය එළඹෙන මහ මැතිවරණයට තරග වදින ලකුණ පිළිබද සාකච්ඡා තවදුරටත් සිදුවන බවද මෙහිදි ප්‍රකාශ කෙරුණා.

(Neth)