Monday, July 14, 2025
Follow Us
ආසන 90 ක් ගත්තොත් අපි ආණ්ඩුවක් හදනවා - අකිල විරාජ්

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ඉදිරි මහ මැතිවරණයේදී ආස 90 කට වඩා ජයග්‍රහණය කළහොත් ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවස්ථාව තිබෙන බව එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. එසේ වුවහොත් ශ්‍රීලනිපය ද එජාප ආණ්ඩුවකට එකතු වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද එජාප ලේකම්වරයා සඳහන් කරනවා.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.

මහ මැතිවරණයට තරග කරන ඡන්ද ලකුණ සම්බන්ධයෙන් එතරම් ගැටලුවක් නොමැති බවත් අලියා ලකුණ හෝ හංසයා ලකුණ ඒ සඳහා යොදාගත හැකි බවත් කාරියවසම් මහතා පවසනවා. ඡන්ද ලකුණ පිළිබඳ ගැටලුව මෙම සතිය අවසන්වීමට පෙර විසඳෙනු ඇති බව ද ඔහු පෙන්වා දෙනවා.

ජවිපෙ හෝ දෙමළ ජාතික සන්ධානය සමග එක්ව තරග කිරීමේ උත්සාහයක් තිබේද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් එජාප ලේකම්වරයා ප්‍රකාශ කළේ එවැනි යෝජනාවක් ඉදිරිපත් වී නොමැති බවයි. කෙසේ වෙතත් මහ මැතිවරණයෙන් පසුව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එවැනි පියවරක් අනුගමනය කිරීමට ඉඩ තිබෙන බවයි.

(LNW)