2020 අප්‍රේල් මාසයේ අවසානය දක්වාම වැය කිරීම සඳහා මුදල් අතුරු සම්මත ගිණුම මඟින් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව වෙන්කර තිබුණු නමුත් වත්මන් ආණ්ඩුව මේ වනවිට මුදල් නොමැති බවක් කියමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
"අපි අප්‍රේල් මාසෙ අග දක්වාම රජයේ වියදම්වලට මුදල් වෙන් කරලා ගියේ. දැන් මේ අය කියනවා මුදල් නෑ කියලා !
අපි එදා කිව්වා අපි සංවර්ධනයට, අධ්‍යාපනයට, කෘෂිකර්මයට, විදුලිබලයට, පොහොර සහනාධාරයට මුදල් වෙන්කරලා ගියේ, ආණ්ඩුව මුදල් ඉල්ලනවා නම් අපි ඒක දෙන්න සූදානම්. නමුත් තව තව ණය ගන්න අපේ සහයෝගය දෙන්න සූදානම් නෑ කිව්වා.
ඒගොල්ලො ඒක ඉල්ලා අස්කර ගත්තා, අපි පැරැද්දුවෙ නෑ. කොටස් දෙකක් තිබුණා, සංවර්ධන වැඩ කෝටි 1088ක්. අනික ණය ගන්න. අපි කිව්වා සංවර්ධන වැඩවලට අපි ඡන්දෙ දෙනවා ණය ගන්න අපි ඡන්දෙ දෙන්නෙ නෑ කියලා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මේ බව පැවසුවේ පෙරේදා (22) මහනුරදී පැවති ජනහමුවක් අමතමිනි.
(LNW)