Monday, July 14, 2025
Follow Us
රනිල් ගෞරවනීයව ඉවත් වුණා නම් හරි - ෆොන්සේකා

තමන් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටින්නේ ගෞරවනීයව පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙස බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

"මෙහෙමයි ඉතිං, එතුමාගෙන් අපි ඉල්ලා සිටින්නේ අයින් වෙන්න කියලා. එතුමා ගොඩක් කල් හිටියා. අපි කියන්නෙ ගෞරවනීයව ඉවත් වෙන්න කියලා.

සහායක් අපි ඉල්ලන්නෙ නෑ. සහාය දෙන්න ඕනෙ අපි අලුත් නායකයෙක් පත් කරගෙන යන ගමනට තමයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

එසේම ආණ්ඩු පක්ෂය තුළ මේ වනවිට සමඟියක් නොමැති බව පෙන්නුම් කෙරෙන බවත් ජනාධිපතිවරයා එක් පැත්තකට අදිනවිට අග්‍රාමාත්‍යවරයා වෙන පැත්තකට අදින බවත් ඒ අනුව බලන කල එක්සත් ජාතික පක්ෂයට එතරම්ම විශාල අභ්‍යන්තර ප්‍රශ්න නොමැති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

සරත් ෆොන්සේකා මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (23) වත්තල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමිනි.

(LNW)