හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයට තිබෙන අභියෝග ගැන තමන් හිටපු ජනාධිපතිවරයා හැටියට හොඳින්ම දන්නා බවයි. එසේම අද වන විට රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවීම පවා බරපතල ප්‍රශ්නයක් වී ඇති බවත් ආණ්ඩුවට විශාල වශයෙන් දේශීය සහ විදේශීය ණය විශාල ප්‍රමාණයක් ඉදිරියේදී ගෙවීමට සිදුව ඇති බව ද පැවසීය.
පසුගිය ආණ්ඩුව විසින් ගෙවිය යුතු වූ කෝටි 1300ක මුදල් ගෙවීම සඳහා වර්තමාන රජය විසින් පරිපූරක මූල්‍ය පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර එයට ජනතා විමුක්ති පෙරමුණත්, ද්‍රවිඩ එක්සත් පෙරමුණත් සහයෝගය නොදැක්වු අතර එක්සත් ජාතික පක්ෂයද අවසාන මොහොතේදී එයට සහයෝගය නොදීමට තීරණය කර ඇත. අවසානයේදී ආණ්ඩුවට සිදුවුයේ එම පනත හකුලා ගැනීමට සිදුවු බවද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඉදිරි මහා මැතිවරණයෙන් නැවත බලය ලභා ගැනීමෙන් පසු එම සියලුම හිඟ මුදල් ගෙවීමට කටයුතු කළ යුතු බවද හිටපු ජනාධිපතිවරයා පැවසීය.
මේ සඳහා ඉදිරි මහා මැතිවරණයේදී සියලු දෙනාම එකතු වි ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනගා ගත යුතු බවද ඔහු තවදුරටත් පැවසීය.
එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඉදිරි මහා මැතිවරණයේදී ශ්‍රි ලංකා පොදුජන සංධානය යටතේ එකරාශී වී පොදුජන පෙරමුණේ ලාංඡනය යටතේ තරඟ කිරීමට බලාපොරොත්තු වන බව ද එහිදී පැවසූ හිටපු ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා සිටියේ ලාංඡනය, පක්ෂය වැදගත් නොවන බවත් මේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට සහායෝගය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලාපොරොත්තු වන බවයි.
එසේම සමහර පුද්ගලයන් රැකියා ලබා දෙනවා බව පවසමින් අයදුම්පත්‍ර බෙදන ක්‍රමවේදයක් ආරම්භ කරලා තිබෙන බවද පැවසු එතුමා බලය ලබා ගැනීමට එවැනි පහත් වැඩ තමා විසින් කිසිදා සිදු නොකරන බවද පුලතිසිපුරයට මම ජනාධිපතිව සිටි කාලයේදී කළ සංවර්ධනය ජනතාවට අමතක නැති බවද පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද 89000ක් ලැබුණු බවද එම ප්‍රමාණය අමතක කර පොලොන්නරුව ජයග්‍රාහනය කිරීමට සිතීමද විහිළුවක් බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.
මෙවර මැතිවරයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඉතාමත් ක්‍රමවත් සැලැස්මක් යටතේ මැතිවරණ ව්‍යාපාරය දියත් කිරීම සහ වැඩිම මන්ත්‍රීවරුන් ප්‍රමාණයක් ජයග්‍රාහනය කර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය ශක්තිමත් කිරීමට අපේක්ෂා කරන බව ද මෙහිදී සඳහන් කර සිටියේය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව සඳහන් කළේ පොලොන්නරුව නගරයේදී පසුගිය සෙනසුරාදා පැවති ශාඛා සමිති නියෝජිතයන්ගේ වැඩමුළුවේ ප්‍රධාන දේශනයට සහාභාගි වෙමිණි මේ සඳහා දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය සභා සභාපතිවරුන් මන්ත්‍රීවරුන් සහ ශාඛා සමිති නියෝජිතයන් සහභාගී වී සිටි බව වාර්තා වේ.
(LI)