Monday, July 14, 2025
Follow Us
'ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරය' ගැන කරූ පැහැදිළි කරයි

ඉදිරි මහ මැතිවරණයෙන් පසු ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයක් ඉල්ලා සිටි බවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කථානායක කරූ ජයසූරිය මහතා පවසනවා.

කථානායකවරයාගේ නිල නිවසේදී එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයක් පිළිබද ඉල්ලීමක් සිදුකර තිබූ බවටයි වාර්තා පළ වුණේ.

එහෙත් එවැනි සාකච්ඡාවක් කථානායක නිල නිවසේ හෝ වෙනත් ස්ථානයක තමාගේ සභාපතිත්වයෙන් නොපැවැත්වුණු බව කරූ ජයසූරිය මහතා පවසනවා. වෙනත් කිසිවෙකු විසින් හෝ කථානායකවරයා වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්තී‍්‍ර ධුරයක් සම්බන්ධව එවැනි ඉල්ලීමක් සිදුකර නොමැති බවයි කථානායක මාධ්‍ය අංශයද වගකීමෙන් තහවුරු කර ඇත්තේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හෝ තමන් එළඹෙන මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට අපේක්ෂා නොකරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයා ගමගේ ද නෙත් නිවුස් වෙත කියාසිටියා.

(Neth)