මහින්දෝදය විද්‍යාගාර ඉදිකිරීමේදී එකකින් රුපියල් ලක්ෂ දහය බැගින් තමන් වංචා කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ එල්ල කර ඇති චෝදනාව ඔප්පු කරන්නේ නම් තමන් බඩ කපාගෙන මැරෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.
"දැන් මමත් යන්න ඉන්නෙ ලබන සතියෙ අල්ලස් හා දූෂණ කොමිසමටයි, මූල්‍ය අපරාධ කොට්ඨාශයටයි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටයි. මොකද ජනතා විමුක්ති පෙරමුණේ විධායක සභාව යටතේ හවුල් ආණ්ඩුව කරන කාලේ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් මගේ බැංකු ගිණුමේ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරයකින් ලක්ෂ 10 බැගින් පාර්ලිමේන්තු බැංකු ගිණුමේ තියනවා කියලා විශාල චෝදනාවක් කරලා, ඒ චෝදනාවට අනුව කඩුවෙල උසාවියේ මං ගැන පරීක්ෂණයක් කරන බවට අධිකරණයට බී වාර්තාවකුත් ඉදිරිපත් කරලා, අපෙ අමාත්‍යාංශවල ඉන්න කාර්යාල කාර්ය සහායකයාගේ සිට ලේකම්වරයා දක්වා දහස් ගාණක් ගෙනල්ලා ප්‍රශ්න කරලා, ප්‍රශ්න කරලා අද වෙනකල් මගෙන් කට උත්තරයක්වත් අරගෙන නෑ.
ඉතිං මේ ඡන්දෙට මාත් අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් හොරෙක් විදියට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන්නෙ නැති නිසා ඒ පැමිණිල්ල කරපු එක්කෙනා ඉන්නවා, නඩු නිමිත්ත තියෙනවා, මේකෙන් මාව නිදොස්කොට නිදහස් කරලා දෙන්න කියලා.
සත පනහක් හරි මං වංචාවක් කරලා තියෙනවා කිව්වොත් ගෝල්ෆේස් එකට ඇවිත් බඩ කපාගෙන මැරෙනවා මිසක් ගෙදර යන්නෙ නෑ !" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ පෙරේදා (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)