Tuesday, July 15, 2025
Follow Us
ජනපතිට කාගෙවත් උපදෙස් ඕනෙ නෑ. මෛත්‍රී කොහොමත් ඡන්දෙන් පරදිනවා - රොෂාන්

පසුගිය යුගයේ රටේ සිදුවූ සෑම අපරාධයකටම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු බවත් ඒ මහතා කවරාකාරයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වුවත් පොලොන්නරුවේ ජනතාව අනිවාර්යයෙන්ම ඒ මහතාව පරාජයට පත් කරන බවත් රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

"රට ගොඩනගන්න ජනාධිපතිතුමාට ආයෙ කාගෙවත් උපදෙස් ඕනෙ නෑ. අසාර්ථක නායකයින්ගෙ උපදෙස් අපි ගන්න බලාපොරොත්තු වෙන්නෙත් නෑ.

මං දන්නෑ එතුමාට පොහොට්ටුව යටතේ ඉදිරිපත් වෙන්න සදාචාරයක් තියෙනවද කියන එක ප්‍රශ්නයක් තියෙනවා. කොහොම ආවත් මං කියනවා පොලොන්නරුවේ ජනතාව එතුමාව පරාජය කරවනවා. හේතුව පහුගිය කාලෙ මේ රටේ කඩා වැටීමට හේතුව සිරිසේන මහත්තයා. මේ රටේ වෙච්ච සියලු අපරාධවලට එතුමා වගකිව යුතුයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

රොෂාන් රණසිංහ මහතා මේ බව පැවසුවේ ඊයේ (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)