Tuesday, July 15, 2025
Follow Us
ගෝඨාභය මැජික්කාරයෙක් නෙවෙයි, තුනෙන් දෙක නැතුව මොකුත් කරන්න බෑ - දුමින්ද දිසානායක

බහුතර ඡන්දදායකයන්ගේ කැමැත්තෙන් ජනාධිපතිවරයා ලෙස පත් වුවද ගෝඨාභය රාජපක්ෂ මහතාට එකවර තනිව සියල්ල වෙනස් කර නොහැකි බවත් ගෝඨාභය රාජපක්ෂ යනු මැජික්කාරයෙකු නොවන බවත් දුමින්ද දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයාට වැඩ කිරීමට නම් සියලු දෙනාගේ සහාය ලබාදිය යුතු බවයි දිසානායක මහතා පවසන්නේ.

ඔහු මේ බව සඳහන් කළේ මිහින්තලය ප්‍රදේශයේ පැවති රැස්වීමක් අමතමිනි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සෘජු තීරණ ගතහැකි ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනැගිය යුතු බවත්, ඒ සඳහා ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක පාර්ලිමේන්තු බලයක් ලබාගත යුතු බවත් ඇමතිවරයා පවසනවා.

එපමණක් නොව ඇතැම් නීති-රීති පවා වෙනස් විය යුතු බව පෙන්වා දෙන දුමින්ද දිසානායක මහතා පවසන්නේ ඇතැම් යල්පැන ගිය නීති නිදහසටත් පෙර සම්මත කරගත් ඒවා බවයි. එවැනි යල්පැන ගිය නීති සමග ඉදිරියට යා නොහැකි බවයි ඔහු අවධාරණය කරන්නේ.

(LNW)