Tuesday, July 15, 2025
Follow Us
ජිනීවාහිදී ආණ්ඩුව කරන්නේ බොරුවක්. පුළුවන් නම් ඇමරිකානු පුරවැසිකම් අත්හරින්න - ටිල්වින්

ඇමරිකාවට උපරිම විරෝධය දක්වීම උදෙසා ආණ්ඩුවේ ප්‍රධානීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සිය ඇමරිකානු පුරවැසිභාවයන් ඉවත් කරගත යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

තම හමුදාපතිවරයාට සංචාරක තහනමක් පැනවූ ඇමරිකාවට එරෙහිව එවන් උපරිම විරෝධයක් පෙන්වීම සඳහා ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පෙරමුණ ගත හැකි බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

එසේ නොමැතිව හුදෙක් ජිනීවා යෝජනාවෙන් ඉවත් වන බව පමණක් ප්‍රකාශ කිරීම හුදෙක් දේශපාලන රංගනයක් පමණක් බවත් ඒ මහතා සඳහන් කළේය.

එමෙන්ම මෙම තත්වයන් ඇතිවීමට බැන් කී මූන් මහතා සමඟ ඒකාබද්ධ ප්‍රකාශයක් අත්සන් තබමින් 2009 වසරේදී මුල පිරුවේ මහින්ද රාජපක්ෂ මහතාම බවත් ටිල්වින් සිල්වා මහතා සිහිපත් කළේය.

ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)