2015දී බලයට පත්වූ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුව යහපත් බොහෝ දෑ කළත් ඊට පෙර රජයේ මිනීමරුවන්, හොරුන් අල්ලනවා වෙනුවට ඔවුන් සමඟ ඩීල් දැමීම නිසා පාක්ෂිකයින් තමන්ගෙන් ඈත් වුණු බවත් ආණ්ඩුව පරාජයට පත්වීමට හේතු වුණේ එය බවත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
"පාක්ෂිකයෝ කියන අය එන්න එන්න අඩු වෙනවා. මේක අවබෝධ කරගන්න ඕනෙ අපි ඔක්කොම. යූඑන්පීකාරයො, ශ්‍රී ලංකාකාරයො, පොහොට්ටුකාරයො කියන එක අඩුවෙනවා. අතරමැද පක්ෂයක් නැති, ඒ අවස්ථාවෙදි උචිතම දේ කරන පරම්පරාවක් එන්න එන්නම තරුණයින් අතරේ බිහි වෙනවා.
එතකොට මේ තරම් විශාල ප්‍රමාණයක් වැඩි වුණේ වැඩි වෙලා 2015 ඇතිවුණු පරිවර්තනය තමයි මේ රටේ, ඒ අවස්ථාවෙ හැටියට, ඒ අවස්ථාවට උචිතම දේ කරන්න රටක ජනතාව පෙළගැසුණා. ඒක තමයි 2018දි අපට විරුද්ධව ගියේ. 2015දී අපට ආපු මිනිස්සු විශ්වාසභංගත්වය තුළ රජය කෙරෙහි ඔවුන් ආපහු යනවා අනිත් පැත්තට 2018 වෙනකොට. ඒ කරලා අපට විශාල පරාජයක් අත්කරලා දෙනවා.
ඒ මොකද ? අපි බොහෝ හොඳ දේවල් කළත් මූලිකම දේවල් මිනිස්සු බලාපොරොත්තු වුණ - මිනීමැරුම් ගැන හෙවීම, මහ දවල් මහා පරිමාණ මංකොල්ල ගැන හෙවීම - අතහැරලා දාලා, ඒ අයත් එක්ක ඩීල් දැමීම පිළිබඳව මිනිස්සුන්ට කුකුසක් ඇති වෙනවා. ඒ කුකුස නිසාම අපිත් එක්ක හිටපු, අපට ආදරය කරපු අපෙන් ඉවත් වෙලා යනවා. මේක තමයි අපි 2018දි දැක්කෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (25) බලපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
(LNW)