Saturday, August 29, 2026
Follow Us
Political

සීනි සහ පොල්තෙල් බදු වංචාවල පාඩුව පියවා ගැනීම සඳහා ෂැංග්‍රිලා හෝටලය රජයට පවරා ගතයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

Political

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය හා මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ගමන් ගත් රථය මැදගම, පුබ්බාර ප්‍රදේශයේ සපත්තු පාලමක් මතින් ගමන් ගනිද්දී පුබ්බාර ඔයේ ජල පහරකට හසුව ගසාගෙන ගොස් ඇතැයි මැදගම පොලිසිය පවසයි.

Political

පළාත් සභා මැතිවරණය බොහෝවිට 2021 අගෝස්තු මාසයේදී පැවැත්වෙනු ඇති බව රජයේ ආරංචිමාර්ග පවසයි.

Political

“ආණ්ඩුවේ පරිසර විනාශයට එරෙහිව පෙළගැසෙමු ” යන තේමාවෙන් ඊයේ(22) ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කළ පා ගමන අද පස්වරුවේ කොළඹ ටෙක්නිකල් මංසන්ධියෙන් ආරම්භ වී කොටුව දුම්රිය ස්ථානයට දක්වා ගමන්ගත් අතර පසුව කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී මහජන රැළිය පැවැත්වමින් මෙරට වනය විනාශය කරමින් රජය ගෙන යන ” ඩෝසර් සංකල්පය ” පරාජය කිරීමට ජනතාව පෙළගැසිය යුතු බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පැවසුවේය

Political

වත්මන් ආණ්ඩුව බලයට ගෙනඒම සඳහා ඡන්දය ලබාදුන් ජනතාවගෙන් 95% ක්ම මේ වනවිට ආණ්ඩුවට විරුද්ධ බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිස්ටම් චේන්ජ් එකක් කරනු ඇතැයි බලාපොරොත්තු වූ නමුත් එම බල‍ාපොරොත්තුව ඉටු වී නොමැති බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.

Political

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සන්ධානයට සම්බන්ධ ඇතැම් පක්ෂ ඉදිරි පළාත් සභා මැතිවරණයේ දී සන්ධානයෙන් ඉවත්ව තනිවම තරග කිරීම කෙරෙහි අවදානය යොමු කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

Political

පාර්ලිමේන්තුව අද පෙරවරුවේ රැස්වීමට නියමිතයි. අද සිට ලබන 26 වනදා දක්වා දින 04 ක් සභා රැස්වීම පැවැත්වෙන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

Political

අපේ ජනබල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණි අතුරලියේ රතන හිමියෝ ආණ්ඩු පක්ෂයට එක්වීමට යන්නේ යැයි රාවයක් පවතී. සති අන්ත පුවත් පතක පලවූ ද්ශපාලන ආගිය තොරතුරු තීරුවක සඳහන් වන ආකාරයට උන් වහන්සේ මේ වන විට අග්‍රාමාත්‍යයවරයාට පවා තමන් වහන්සේගේ අභිලාශය දන්වා ඇති බව පැවසේ.

Political

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට බාධාවක් වී ඇති නීතිමය ගැටළුවලට විසඳා දෙන්නේ නම් මාස එක හමාරක් ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකි බව මැතිවරණ කොමිසම පවසනවා. එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා පැවසුවේ අදාළ නීතිමය ගැටළුවට කඩිනමින් විසඳුම් ලැබෙනු ඇතැයි මැතිවරණ කොමිසම විශ්වාසයෙන් පසුවන බවයි.

Political

UNP should join Samagi Jana Balawegaya (SJB) considering its present situation, SJB National Organiser Tissa Attanayake said yesterday.

Political

මාධ්‍යවේදියකු පැහැර ගත්තැයි කියන සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න යන දෙදෙනා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවේ අද (22 වැනිදා) පෙනී සිටීමට නියමිතය.

Political

මහ බැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළව මේ වන විට අත්අඩංගුවේ පසුවන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ලෙස පෙනී සිටීමට තීරණය කර තිබේ.

Political

Sri Lanka was lending money to the UK during the era of former Prime Minister the late D.S. Senanayake though it has become indebted to almost all-powerful nations at the moment, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.

Political

The Samagi Jana Balawegaya (SJB) yesterday condemned a recent controversial statement by President Gotabaya Rajapaksa regarding the freedom of the press.

Political

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය යළි පිහිටුවිය යුතු යැයි පවසමින් හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශයට අදාළව ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව පොලීසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

Political

දැනට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ දඬුවම යලි සලකාබලන ලෙස ඉදිරිපත් කළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

Political

රටේ සංවර්ධනයට බාධා කරන, ගම්පහ අඩවි වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය වැනි අය එළවා දැමියයුතු බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා පවසයි.

Political

බෝම්බ ප්‍රහාරය සිදුකළ සහරාන් හෂීම් සහ තමන් අතර සම්බන්ධයක් පැවති බවට කරුණු දක්වමින් පසුගිය 17 වෙනිදා පැවති මාධ්‍ය හමුවකදී සමගී ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර විසින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලිඛිත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.