Thursday, January 01, 2026
Follow Us
මනාප ඡන්ද ගැන නිදහස් පක්ෂය අමනාපයෙන්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී මනාප ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතු බවට යෝජනා ගෙන එන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී මැතිවරණ ක්‍රමය සංශෝධනය වියයුතු බවයි.

මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමේදී සාධාරණයක් ඉටු කර ගැනීමට ඇති බාධා ඉවත් කළ යුතු බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ව්‍යවස්ථා සම්පාදන කමිටුවට භාරදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

(Neth)