රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත සහ ඕපනායක යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑමේ රතු අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (26) පස්වරු 2.45ට නිකුත් කළ එම නිවේදනය හෙට (27) පස්වරු 2.45 දක්වා වලංගු වේ. මීට අමතරව, දිස්ත්රික්ක කිහිපයක ප්රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට දෙවන සහ පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇත.
අද රාත්රියේ වර්ෂාපතනය ඉහළ යාමත් සමඟ නායයෑමේ අවදානම වැඩි විය හැකි බැවින් කඳුකර ප්රදේශවල ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බව එම සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ගාමිණී ජයතිස්ස මහතා පවසයි.
පසුගිය දිනවල ලැබුණු වර්ෂාව හේතුවෙන් පස සංතෘප්ත වී ඇති අතර, මේ වන විට සුළු නායයෑම් ආශ්රිත සිදුවීම් 117ක් වාර්තා වී තිබේ.
ඒ අනුව, නිකුත් කර ඇති අනතුරු ඇඟවීම් පිළිබඳව අවධානය යොමු කරමින් ආරක්ෂිතව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි