පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 10,000කට අධික පිරිසක් පීඩාවට පත්ව තිබෙන බව, ආපදා කළමනාකරණ මධ්යස්ථානය සඳහන් කරයි.
දිස්ත්රික්ක 12ක ප්රාදේශීය ලේකම් කොට්ඨාස 57ක පවුල් 2,736කට අයත් පුද්ගලයින් 10,545 දෙනෙකු මෙලෙස පීඩාවට පත්ව තිබේ.
ආරක්ෂිත ස්ථාන 4ක බලපෑමට ලක්වූ පුද්ගලයින් 182 දෙදෙනෙකු මේ වන විට රඳවා සිටිති .
නිවාස අර්ධ හානි 215ක් වාර්තා වී ඇති අතර, පුත්තලම ප්රදේශයෙන් දියේ ගිලී මියයෑමක් වාර්තා වී තිබෙනවා. ගතවු පැය 24 තුළ කිලිනොච්චිය, මන්නාරම, යාපනය, මුලතිව් සහ කළුතර දිස්ත්රික්කවල මි.මී 100ක් වැසි වාර්තා වී ඇති තිබේ.
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන ප්රධාන ජලාශ 17ක් සහ මධ්ය පරිමාණ ජලාශ 13ක් මේ වන විට වාන් දමමින් තිබෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි .
ගිං, නිල්වලා, කළු, කැලණි ගංගාවල මෙන්ම අත්තනගලු ඔයේ සහ මහ ඔය අවට පහත්බිම් ප්රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට මේ වන විට අනතුරු අඟවා තිබේ .