අදාළ ආයතනවල අවසරය ඇතිව හෝ නැතිව පිළිකා කාරක අඩංගු පොල්තෙල් රට තුළට ඇතුළු වූයේය යන්න පැහැදිලි බවත් ඒවා දඹුල්ලෙන් දැනටමත් හමුවී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
"ප්‍රමිති ආයතනයේ නිලධාරීන් කියන්නෙ ඒගොල්ලො මේකට අනුමැතිය දීලා නෑ කියලා. එතකොට කස්ටම් එකේ ඩීජී කියනවා නිදහස් කරලා නෑ කියලා. හැබැයි රටේ අද මේ පොල්තෙල් තියෙනවා. දඹුල්ලෙන් මේවා හම්බුවෙලා තියෙනවා. මේ නිලධාරීන්ම කියනවා මේ ගුදම් නැවත පරීක්ෂා කිරීමේදී රේගුව දාන ඒ සීල් එක කඩලා තිබුණා කියලා. මේවායේ අවසර අරගෙන හෝ අවසරයකින් තොරව මේ පොල්තෙල් රට ඇතුළට ගියා කියන එක නම් සක්සුදක් සේ පැහැදිලියි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ ඊයේ (26) ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ගොස් මේ ප්‍රශ්නගත පොල්තෙල් තොගය පිළිබඳ කරුණු විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
(LNW)