ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කර ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් අත් කර දීමට ඉදිරි වසර 05 තුළ කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද වන විට විපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවට එරෙහිව බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. කෙසේවෙතත් ජනතාව රජය කෙරෙහි තැබූ අපේක්ෂා ඉටුකරමින් සංවර්ධන වැඩ ඉදිරියට ගෙන යා යුතු බවත් රජයේ සැලසුම් නිසි ලෙස ක්‍රියාවට නංවමින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් දිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා. ඒ, ඊයේ පස්වරුවේ පැවති පළාත් පාලන නියෝජිත හමුව අමතමින්.
රජයේ ප්‍රතිපත්ති සහ සංවර්ධන ව්‍යාපාරය ඉදිරියට ගෙන යාම පිණිස ශක්තිමත්ව අත්වැල් බැඳ ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පළාත් පාලන නියෝජිතයිනට දැනුම් දුන්නා. පුද්ගලයන් නොව, රජයේ ප්‍රතිපත්ති ඉස්මතු කිරීමට සියලුදෙනා කැපවිය යුතු බවත් ප්‍රතිපත්ති බිඳ වැටුණ හොත් රට නැවත විනාශයට ඇඳ වැටීම වැළැක්විය නොහැකි බවත් ජනාධිපතිවරයා පවසනවා. රජය බලයට ගෙන ඒමට දුන් සහයෝගය සහ කැපවීම රජයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී ද සියලුදෙනාගෙන් අපේක්ෂා කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියේ.
රජයේ සංවර්ධන වැඩපිළිවෙළ පිළිබඳ විපක්ෂය විවිධ බොරු ප්‍රචාර ගෙන යමින් සිටින බවත් ගමට ගොස් ගමේ සංවර්ධනය සමග එක්වෙමින් බොරු ප්‍රචාර නිවැරදි කිරීමට ක්‍රියා කරන්නැයි ද ජනාධිපතිවරයා පළාත් පාලන නියෝජිතයිනට වැඩිදුරටත් දැනුම් දුන්නා.
(Neth)