Thursday, January 01, 2026
Follow Us
Political

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් මෙරට විශාලතම බෞද්ධ පුස්ථකාලය සඳහා මංගල ශිලා ප්‍රතිස්ථාපනය කිරීම (මුල්ගල තැබීම) සඳහා අතුරුගිරියේදී සංවිධානය කර තිබූ උත්සවයක් අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර සිටියේ ලොව බලවත්ම රටක්වන ඇමෙරිකාවේ පෙන්ටගනයට එල්ල වූ ප්‍රහාරයන් පවා වළක්වා ගැනීමට නොහැකි වූ අතර බින්ලාඩන් එම ප්‍රහාරය එල්ල කරන බව ඇමරිකානු බුද්ධි අංශ විසින් දන්වා තිබූ බවත් අද ඉස්ලාම් අන්තවාදය සමස්ත ලෝකයම මුහුණ දෙන ප්‍රශ්නයක් වන අතර එය සමස්ත ලෝකයටම අභියෝගයක් බවත්ය.

Political

සති අන්ත විකල්ප ජාතික පුවත් පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කර තිබුනේ තමා විමල් විමල් වීරවංශ මහතා ඇතුළු ආණ්ඩුවේම සන්ධානගත පක්ෂ 12ක් ඇතුළත් කණ්ඩායමට සම්බන්ධයක් නොමැති බවත් තමා පොදුජන පෙරමුණෙන් පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ එම පක්ෂයේ සාමාජිකත්වය අරගෙන වුවද තමා සිටින්නේ තමාගේ මතයේ බැවින් තමන්ට තිබෙන්නේ විජයදාස රාජපක්ෂ අනන්‍යතාවය පමණක් බවත්ය.

Political

පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳව විවාදය ලබන මාර්තු 10 වැනි දින බදාදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Political

Sr Lanka Podujana Peramuna has refused to submit it's proposals to the Expert Committee appointed to draft a new Constitution.

Political

අරාජිකවී ඇති මේ රට නැවත ගොඩගත හැකි වන්නේ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් පිහිටුවන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවකට බව එම පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කරනවා.

Political

පසුගිය යහපාලන සමයේ දූෂණ සහ වංචා පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මත හිටපු නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතාට අපරාධ චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත බව ඉතා විශ්වාසදායක් ආරංචි මාර්ග සනාථ කර සිටී.

Political

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයක් ඊයේ (04) දින කොළඹ ජානකී හෝටලයේදී පැවති අතර සියළුම විපක්ෂ ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන එයට සහභාගීවී තිබූ නමුදු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එ.ජා.ප.නායක රනිල් වික්‍රමසිංහ මෙයට සහභාගීවී නොතිබීම කැපී පෙණුනි. කෙසේ වුවද ආණ්ඩු පක්ෂයේ ප්‍රබළයෙකු මෙය කඩාකප්පල් කිරීමට වැර යොදා ඇති බවට ද ආරංචි පැතිරී තිබුණි.

Political

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවට එරෙහිව පාර්ශව ගණනාවක් සමග එක්ව වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා. එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයක නියෝජිතයින් හමුවීමට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වුණේ.

Political

Female Members of Parliament have called for the appointment of a Parliament Select Committee to address issues on women’s rights in the country.

Political

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුන්වා දී ඇති ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, අදාළ ප්‍රමුඛතා අනුපිළිවෙල අනුව එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කළහොත් මෙරටට දැනට ලැබී ඇති සීමිත එන්නත් ප්‍රමාණයෙන් සාර්ථක ප්‍රථිඵල අත්කරත හැකි බවයි.

Political

JVP has rejected the invitation to form a common platform with other parties in the opposition against the government's anti-democratic moves.

Political

Former Minister Patali Champika Ranawaka has been indicted in the Colombo High Court today on charges of reckless driving and failure to prevent an accident.

Political

The Samagi Jana Balawegaya (SJB) has extended the party’s support to the ‘Black Sunday’ protest organised by the Catholic Church, aimed at expressing their displeasure at the recently concluded Presidential Commission of Inquiry (PCI) report in to the Easter Sunday attack.

Political

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම අද (05) සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

Political

The mismanagement of permitting burials of those who succumbed to COVID-19 indicates the insensitive nature of the Government and points to a weak leadership, Samagi Jana Balawegaya (SJB) Parliamentarian Imthiaz Bakeer Markar charged yesterday.

Political

පාස්කු ප්‍රහාරය පිටුපස සිටි සියළුම දෙනා හෙළි කරගෙන නීතිය ඉදිරියට ගෙන ඒම ඉතා වැදගත් මෙන්ම රහස් පොලීසිය විසින් එය සිදු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් එම ප්‍රහාරය පිළිබඳ සොයාබැලූ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව පොදුවේ ගත්කල සෑහීමකට පත්වීමට නොහැකි බවත් මාධ්‍ය අමතමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

Political

ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට පෙර එම කොමිෂන් සභා වාර්තාවේ සියලු වෙළුම් ප්‍රසිද්ධ කළ යුතු බව සමගි ජනබලවේගය පවසනවා. එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවේ ලබන 10 වනදා පැවැත්වීමට දින යොදාගෙන ඇති එම විවාදය සම්බන්ධයෙන් සිය පක්ෂයේ තීරණය එළඹෙන සඳුදා පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගන්නා බවයි.

Political

ජාත්‍යන්තර වනජීවි දිනය අදට (03) යෙදී තිබෙනවා. මීට සමගාමීව සමගි ජන බලවේගය හරිත පක්ෂයක් ලෙස ජනගත කරනු ලැබීය. ඒ අනුව, ජාතික පාරිසරික සංරක්ෂණ වගකීම සඳහා වූ ප්‍රකාශනය විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අත්සන් කරනු ලැබීය.