සීනි සහ පොල්තෙල් බදු වංචාවල පාඩුව පියවා ගැනීම සඳහා ෂැංග්‍රිලා හෝටලය රජයට පවරා ගතයුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.
"ආණ්ඩුවට ඒ සම්බන්ධයෙන් චෝදනාවක් තිබෙනවානේ. ආණ්ඩුව පිළිගන්නවානේ. ඒක සද්භාවයෙන් කළාද, නැද්ද කියන එක ගැනනේ ආණ්ඩුව කියන්නෙ. නමුත් ජනතාවට ඒක අදාළ නෑනේ. මම ජනාධිපති නම් මම පාර්ලිමේන්තුවට වගන්ති දෙක තුනක පනතක් ගේනවා, ගෙනත් කියනවා මේකෙ කරුණු සොයා බලලා මේ සිදුවෙලා කියන වංචාව ඇත්තක් නම් සති දෙකක් ඇතුළත ෂැංග්‍රිලා හෝටලය රජයට පවරාගන්න කියලා.
සීනි සහ පොල්තෙල්වලින් ජනතාවට කරපු විශාල පාඩුව වෙනුවෙන් ෂැංග්‍රිලා හෝටලය රජයට පවරා ගතයුතුයි. මේ ආණ්ඩුව ඒක කරන්න ඕනෑ. නැත්නම් කවුද මේ අලාභය ගෙවන්නෙ ? මුදල් ඇමතිගේ බූදලයෙන්ද ගෙවන්නෙ ? එහෙමත් නැත්නම් අමාත්‍යාංශ ලේකම්ගේ සාක්කුවෙන්ද ගෙවන්නෙ ? මේකට තියෙන එකම විසඳුම සති දෙකක් ඇතුළත ෂැංග්‍රිලා හෝටලය රජයට පවරාගෙන ජනසතු කරන එක" යනුවෙනුයි ඒ මහතා පවසන්නේ.
විජේදාස රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉරිදා මව්බිම පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවක නිරත වෙමිනි.
(LNW)