Tuesday, August 26, 2025
Follow Us
පක්ෂය හැර ගිය සියලු පාර්ශව සමග වජිර අබේවර්ධන නව ගමනක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මැතිතුමා අපේක්ෂා කළ ඉලක්කයන් සුණුවිසුණු වී ගිය රටක් බවට අද මේ රට පත්ව තිබෙන බව එ.ජා.ප සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන ප්‍රකාශ කරනවා.

එම තත්ත්වයෙන් මේ රට නැවත ගොඩ ගත හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බවත් ඒ අරමුණ ඉටුකර ගැනීම සඳහා පක්ෂය හැර ගිය සියලු පාර්ශව නැවත එක්කර ගනිමින් නව ගමනක් ආරම්භ කරන බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

වජිර අබේවර්ධන මෙම අදහස් පළ කළේ ඊයේ 22 වෙනිදා බලපිටිය තරුණ බෞද්ධ සංගම් ශාලාවේ පැවැති මහාමාන්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ 69 වෙනි ගුණසමරු උත්සවය අමතමින්.

බලපිටිය එක්සත් ජාතික පක්ෂ සංවිධායක අජිත් අසේල විසින් සංවිධානය කර තිබූ මෙම උත්සවයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් සිය කාලය ශ්‍රමය වැය කරමින් ක්‍රියාකළ පක්ෂයේ පැරණිතම සාමාජිකයන් 69 දෙනෙකු සඳහා සහතික පත්, පදක්කම් සහ ත්‍යාග පිරිනැමීමක්ද වජිර අබේවර්ධන විසින් සිදුකරනු ලැබුවා.

(Neth)