Tuesday, August 26, 2025
Follow Us
අතුරලියේ රතන හිමියෝ ආණ්ඩු පක්ෂයට?

අපේ ජනබල පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පැමිණි අතුරලියේ රතන හිමියෝ ආණ්ඩු පක්ෂයට එක්වීමට යන්නේ යැයි රාවයක් පවතී. සති අන්ත පුවත් පතක පලවූ ද්ශපාලන ආගිය තොරතුරු තීරුවක සඳහන් වන ආකාරයට උන් වහන්සේ මේ වන විට අග්‍රාමාත්‍යයවරයාට පවා තමන් වහන්සේගේ අභිලාශය දන්වා ඇති බව පැවසේ.

එම තීරු රචකයා වැඩිදුරටත් පවසා සිටින්නේ උන් වහන්සේ ‘‘මගේ සහාය ආණ්ඩුවට දෙන්න සූදානම්” යනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණේ ප්‍රධාන සංවිධායකවරයාට පවා ලිපියක් යවා ඇති බවයි.

කෙසේ වුවද රතන හිමි අතීත දේශපාලන භාවිතාව සම්බන්ධව තක්සේරුවක සිටින එම පක්ෂයේ ඉහළ නිළධාරින් රතන හිමිට ප්‍රතිචාර දැක්වීමෙන් මෙතෙක් වැලකී ඇති බව එම තීරු රචකයා පවසා සිටී. කෙසේ වුවද අතුරලියේ රතන හිමි නියෝජනය කරන අපේ ජන බල පක්ෂයේ සාමාජිකත්වය රතන හිමිගේ වත්මන් ක්‍රියාකාරිකත්වය සම්බන්ධයෙන් නොසතුටෙන් පසුවන බවද එම වාර්තාව පෙන්වා දේ.

(Lanka Leads)