Tuesday, August 26, 2025
Follow Us
සීනි බදු වංචාව ගැන දින දෙකක විවාදයක් දෙන්න - විපක්ෂ නායක සජිත් කථානායකගෙන් ඉල්ලයි

සීනි බදු වංචාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දින දෙකක විවාදයක් ලබාදෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

"ගරු කථානායකතුමනි, නිවාඩ් කබ්‍රාල් මැතිතුමා මේ සීනි ප්‍රශ්නය ගැන දීර්ඝ ඉදිරිපත් කිරීමක් කළා. මම ඉල්ලීමක් කරනවා ඒ පිළිබඳව දින දෙකක විවාදයක් ලබාදෙන්න. එතකොට අපට පුළුවන් සවිස්තරව ඒ ගැන කතා කරන්න.

ඒ වගේම ගරු කථානායකතුමනි එතුමා කිව්වා ආණ්ඩුවේ සල්ලි වලින් කොවිඩ් - 19 මර්දනය කරන එන්නත සඳහා ලොකු මුදල් ප්‍රමාණයක් වැය කරනවායි කියලා. මං එතුමාගෙන් අහන්න කැමතියි මේ රටේ ලක්ෂ 220ට අවශ්‍ය මාත්‍රා ලක්ෂ 440 ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත ගෙන එන්නත ගෙන එන්නට ඔබතුමන්ලා මුදල් වැය කරලා තිබෙනවාද ? එහෙම නැත්නම් මේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත එක මාත්‍රාවක් විතරයි දැනට ලබාදීලා තිබෙන්නෙ, දෙවැනි මාත්‍රාව ලක්ෂ 220ක් වූ ජනතාවට ලබාදෙනවාද ? එහෙම නැත්නම් ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමත නොකරපු සයිනොෆාම් එන්නත දෙන්නද යන්නේ ? උත්තර දෙන්න ඒකට" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (23) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

(LNW)