Tuesday, August 26, 2025
Follow Us
රන්ජන්ගේ මෝසම ගැන අධිකරණය ගත් තීරණය

දැනට සිරගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ දඬුවම යලි සලකාබලන ලෙස ඉදිරිපත් කළ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

මහාධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පනවා තිබෙන සිර දඬුවම යලි සලකා බලන ලෙස හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඔහුගේ නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කළ මෝසම’ මේ ආකාරයෙන් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.

මෝසම මගින් ඉල්ලා ඇත්තේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ සම්මුති පනත යටතේ යම් පුද්ගලයකුට නියමවන දඬුවමකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමේ නිත්මය හිමිකම පවතින බවත්ය.

මේ අනුව එම අභියාචනය ඉදිරිපත් කිරීමට අවසර දෙනලෙස හා පංච පුද්ගල හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුත් විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එය සලකා බලන ලෙසත්ය.

(Aruna)