පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර තමාට ඒ පිළිබඳව කිසිඳු දැනුවත්වීමක් නොතිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.
කොමිසමේ සාක්ෂි වලින් එය තහවුරු වී තිබෙන බවද හිටිපු ජනාධිපතිවරයා සඳහන් කරයි.
එසේම අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ආරක්ෂක කවුන්සිලය තුළ 2015 වසරේ සිට තම අවදානය යොමුකළ බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.
පාස්කු කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයට අද (26) එක්වෙමින් ප්‍රකාශ කර තිබේ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,
“මේ මහා ප්‍රහාරය සිදු වුණාට පසු එදා මගේ ආණ්ඩුවෙන්ම මටත් ගහන්න ගත්තා. විපක්ෂයෙන් මට ගහන්න ගත්තා. හැම තැනින්ම මාව තමා ඉලක්ක කෙරුවේ. මම මේ තොරතුරු දැනගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග ගත්තේ නෑ කියලා. මේ කිසිම දෙයක් කිසිම තැනකින් මට දැනුම් දුන්නේ නෑ. එවැනි තොරතුරක් ලැබිලා ඒක නොසලකා හරින්න තරම් මම ම්ලේච්ඡයෙක් නෙමෙයි. මේ තොරතුරු මා වෙත ලබා දුන්නා නම් මේ ඛේදවාචකය වෙන්න මම ඉඩ තියන්නේ නෑ. ජනාධිපතිවරයා දැනගෙන ජනාධිපතිවරයා මගහරින කෙනෙක් කියලා කවුරුහරි කියනවා නම් ඒක කියන කෙනාගේ මොළේ අමාරුවක් තියෙන්න ඕනේ.”
(Aruna)