2016 වසරේ මාර්තු මස 31 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට චෝදනා පත්‍ර භාර දීමෙන් අනතුරුව ඔවුන් අද (26 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔවුන් ඇප මත මුදා හරින්නේ ද? නැද්ද? යන නියෝගය අද දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලත් ඊයේ (25 වැනිදා) නියෝග කළේය.
මෙම විත්තිකරුවන් ඇප මත මුදා හැරීම සඳහා අනුමැතිය පළ නොකරන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය දැනුම් දීමෙන් අනතුරුව අමල් රණරාජා, නාමල් බළල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.
(Aruna)