රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විකල්ප යෝජනා දෙකක් පසුගිය සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේය.
අදාළ ආයතනවල අවසරය ඇතිව හෝ නැතිව පිළිකා කාරක අඩංගු පොල්තෙල් රට තුළට ඇතුළු වූයේය යන්න පැහැදිලි බවත් ඒවා දඹුල්ලෙන් දැනටමත් හමුවී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.
එළඹෙන පළාත් සභා මැතිරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී පක්‍ෂය ශක්තිමත් වන වැඩපිළිවෙලක් කෙරෙහි අවධානය යොමු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසනවා.
ගම්පහ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පවසා සිටියේ ආණ්ඩුව තුළ පවතින අභ්‍යන්තර අර්බුදවලට කඩිනමින් විසදුම් ලබාදිය යුතු බවයි.
ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හමුවට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවෙන් පරාජයට පත්වූයේ මෙරට ජනතාව නොව රජය බව සමගි ජන බලවේගය පවසනවා.
2016 වසරේ මාර්තු මස 31 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ බැඳුම්කර වෙන්දේසියේදී රුපියල් බිලියන 15 ක් වටිනා බැඳුම්කර සම්බන්ධයෙන් සාපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට චෝදනා පත්‍ර භාර දීමෙන් අනතුරුව ඔවුන් අද (26 වැනිදා) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් ඔවුන් ඇප මත මුදා හරින්නේ ද? නැද්ද? යන නියෝගය අද දින ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලත් ඊයේ (25 වැනිදා) නියෝග කළේය.
Party leaders have agreed to set up a Select Committee of Parliament to identify appropriate changes in the election laws and the electoral system and recommend necessary amendments.
ග්‍රාමීය දරිද්‍රතාව තුරන් කර ජනතාවට ඉහළ ජීවන තත්ත්වයක් අත් කර දීමට ඉදිරි වසර 05 තුළ කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අද වන විට විපක්ෂය පහර ගසමින් සිටින්නේ රට දිනවන ප්‍රතිපත්ති මාලාවට එරෙහිව බවයි ජනාධිපතිවරයා කියා සිටියේ. කෙසේවෙතත් ජනතාව රජය කෙරෙහි තැබූ අපේක්ෂා ඉටුකරමින් සංවර්ධන වැඩ ඉදිරියට ගෙන යා යුතු බවත් රජයේ සැලසුම් නිසි ලෙස ක්‍රියාවට නංවමින් ජනතා ප්‍රශ්නවලට විසඳුම් දිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කරනවා. ඒ, ඊයේ පස්වරුවේ පැවති පළාත් පාලන නියෝජිත හමුව අමතමින්.
The United National Party (UNP) yesterday blamed the Government for a colossal failure during the recent UNHRC sessions in Geneva.
පොල් තෙල් වලට ෆාම් තෙල් මිශ‍්‍ර කිරීම පිළිබඳව පාර්ළිමේන්තුවේ අවධානය යොමු කරමින් මොහොමඩ් මුසම්මිල් මහතා සඳහන් කර සිටියේ ඒ සඳහා ගැසට් නිවේදනයක් 2016 වසරේදී එවකට ඇමතිවරයෙක්ව සිටි රිෂාඩ් බදියුදීන් විසින් නිකුත් කර ඇති බවයි.
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ ගොනුකර තිබූ නඩු දෙකකින් ඔවුන්ව නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (26) නියම කර තිබේ.
Leader of the Opposition Sajith Premadasa yesterday hit out at the Government for its failure to win support against the resolution adopted by the UNHRC on Sri Lanka, blaming the loss on divisive policies aimed at causing disunity among ethnic and religious groups in the country and weak foreign policy.
The Muslim Council of Sri Lanka (MCSL) has written to Inspector General of Police (IGP) C.D Wickramaratne raising concerns over the arrest and detention under the prevention of terrorism act of former Governor Azath Salley.
පාස්කු ප්‍රහාරය එල්ලවීමට පෙර තමාට ඒ පිළිබඳව කිසිඳු දැනුවත්වීමක් නොතිබූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.
ජනාධිපතිවරයා ලෙස තමන් ගමින් ගමට යන්නේ සැබෑ ජනතා ගැටලු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් දීමට බවත් දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටලුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බවත් නුගේගොඩ වැලි පාර්ක් උද්‍යානයේ ඊයේ (24) දින පැවති පොදුජන පෙරමුණ අනුබද්ධ සංවිධාන නියෝජිත හමුව අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේය.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී මනාප ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතු බවට යෝජනා ගෙන එන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. ඔහු කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී මැතිවරණ ක්‍රමය සංශෝධනය වියයුතු බවයි.
ලබන අප්‍රේල් මාසයේ 05 වනදා සිට 09 වනදා දක්වා දින 05ක් පාර්ලිමේන්තුව රැස් කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරන ලදී.
දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේදී එම පක්ෂවල නිල නාම යම් ආගමික හෝ වාර්ගික හෝ වශයෙන් නම් කෙරෙන්නේ නම් එවැනි පක්ෂ ලියාපදිංචි නොකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
Page 298 of 553