Thursday, January 01, 2026
Follow Us
පළාත් පාලන මැතිවරණ ක්‍රමය මෙසේ වෙනස් වියයුතුයි – පැෆරල්

පළාත් පාලන මැතිවරණ ක්‍රමය අලුතින් සකස් කිරීමේදී සමානුපාතික පදනම එලෙසම ආරක්ෂා විය යුතු අතර පළාත් පාලන සභික ප්‍රමාණය 30% ක ප්‍රමාණයකින් අඩුවිය යුතු යැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය කියයි.

දැනට බලපැවැත්වෙන පනත මගින් කාන්තාවන් සඳහා ලබා දී තිබෙන 25% කෝටාව එලෙසම ආරක්ෂා විය යුතු අතර කොට්ඨාස සඳහාද එලෙසම තැබිය යුතු යැයි පැෆරල් සංවිධානය සඳහන් කරයි.

කොට්ඨාශ ප්‍රමාණය 20% න් අඩුකිරීම ලැයිස්තුවට හිමිවීමේ ප්‍රතිශතය40% සිට 50% දක්වා අඩු කළ යුතු යැයි ද ඒ අනුව මෙතෙක් පවතින 60% -40% අනුපාතය 70% 30% දක්වා වෙනස් කළ යුතු බවද පැෆරල් සංවිධානය කියයි.
(ලංකාදීප)