රජයට සම්බන්ධ දේශපාලන පක්ෂ එකළොහක නායකයන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (08 වැනිදා) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදී.
මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ඩිව් ගුණසේකර, අතුරලියේ රතන හිමි සහ ගෙවිදු කුමාරතුංග යන මැති ඇමැතිවරු එම සාකච්ඡාවට එක්ව සිටියහ.
මෙම දේශපාලන පක්ෂ එකොළහේ නායකයන් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දීමට එරෙහිවද කටයුතු කරන ලදී. ඉන් පසු මසකට වරක් දේශපාලන පක්ෂ මූලස්ථානවල සාකච්ඡා පැවැති අතර හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊට එක් වූ ප්‍රථම අවස්ථාව මෙය වෙයි. මීට පෙර රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පමණක් සාකච්ඡාවට එක් වූයේය. පුවත්පත මුද්‍රණය යන අවස්ථාව වන විටද මෙම සාකච්ඡාව පැවැත්වෙමින් තිබිණි.
(Aruna)