Wednesday, December 31, 2025
Follow Us
දහඅට පැන්න අයට මාස තුනකින් ඡන්ද බලය

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ අයට මාස තුනක් වැනි කෙටි කාලයක් තුළදී ඡන්ද බලය ලබාදීම සඳහා ඡන්ද ලැයිස්තු සකස් කිරීමේ කටයුතු ලබන වසරේ (2022) පෙබරවාරි මාසයේ සිට සකස් කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී.පුංචිහේවා කීවේය. වර්තමාන ඡන්ද ලැයිස්තු සැකසීමේ ක්‍රමවේදය අනුව සෑම වසරකම ජූනි මස 01 වැනිදායින් පසුව වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විශාල පිරිසකට ඡන්දය භාවිත කිරීමට සිදුවූයේ වයස අවුරුදු 19 දී හෝ 20 දී බව ද සභාපතිවරයා කීවේය.

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ අයට මාස තුනක් වැනි කෙටි කාලයක් තුළදී ඡන්ද බලය ලබාදීමට අදාලව මැතිවරණ කොමිෂන් සභාව කරන ලද යෝජනාවට අනුව 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනතට අදාළ සංශෝධනවලට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවිය. පසුව එය සම්මත කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිනි. එහිදී පළමුවර කියවීම සම්මත වූ අතර, දෙවැනි වර කියවීමෙන් අනතුරුව පනත සම්මත වීමට නියමිතය.

(Aruna)