Thursday, January 01, 2026
Follow Us
ආණ්ඩුවේ අඩුපාඩු විවේචනය කිරීමට ශ්‍රීපනිපය සාකච්ඡාවක

ආණ්ඩුවේ අඩුපාඩු විවේචනය කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සූදානම් වන බවට තොරතුරු වාර්තා වනවා. එම වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක අතර ඉකුත් දා සාකච්ඡාවක් පවත්වා ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

මේ අතර ලබන මැයි මාසයේ පළමු සතිය වනවිට මෙරට කොවිඩ් වසංගත තත්ත්වය යළි හිස එසවිමේ අවධානමක් පවතින බවට සෞඛ්‍ය බලධාරීන් සැක පළ කරනවා. ඒ, ඇතැම් පිරිස් මේ දිනවල සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් සාප්පු සවාරි යාම ඇතුළු විවිධ කටයුතුවල නිරත වීම හේතුවෙන්.

(Neth)