Thursday, January 01, 2026
Follow Us
රනිල් පාර්ලිමේන්තු එන්න සැරසෙයි

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි මාසයක කාලය තුළ දී භාරගනු ඇති බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා ඒ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ඒකමතික තීන්දුවක් මත රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි කාලය තුළ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදානමින් පසුවන බව සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි

(Aruna)