Thursday, January 01, 2026
Follow Us
දේශපාලන කණ්ණාඩියෙන් නොබලා ජනාධිපති ලේකම්වරයාට එල්ලවන චෝදනා ගැන පරීක්ෂණයක් කරන්න – හර්ෂ ද සිල්වා

ජනාධිපති ලේකම්වරයාගේ නියමයෙන් වස පොහොර තොගයක් මුදාහැර ඇතැයි වාර්තා පළවන බැවින් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් කළ යුතු බව තමා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව යහපාලන කාලයේද වස පොහොර ගෙනවිත් ඇතැයි ඔවුන් සොයාගෙන තිබෙන බව කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසන බව හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පාර්ළිමේන්තුව අමතමින් පවසයි.

“එසේනම් කළ යුත්තේ යහපාලන කාලයේත් වස පොහොර ගෙනා නිසා වර්තමාන ජනාධිපති ලේකම්වරයාට එල්ලවන චෝදනාව ගණන් ගත යුතු නැතැයි යන ආකාරයෙන් හැසිරීම නොව වස පොහොර ගෙනා සහ ඒවා වගකීමකින් තොරව ජනතාව වෙත මුදාහැරි පක්ෂ, විපක්ෂ භේදයකින් තොරව සියළුම දෙනාටම එරෙහිව පරීක්ෂණයක් කිරීමයි”.

“දේශපාලන කණ්ණාඩියෙන් පටු ලෙස මෙවැනි ප්‍රශ්ණ දෙස නොබැලිය යුතු අතර රටක් ලෙස මෙවැනි ප්‍රශ්ණ දෙස බැලිය යුතුයි. එසේ නොමැතිව මේ රට හදන්න බෑ.
මේ නිසා, මා නැවතත් අවධාරණය කරන්නේ ජනාධිපති ලේකම්වරයාට එල්ලවී තිබෙන චෝදනාවන්ට එරෙහිව පරීක්ෂණයක් කරන ලෙසයි.” යනුවෙන් හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

(Lanka Leads)