Thursday, January 01, 2026
Follow Us
පාර්ලිමේන්තු සේවකයිනුත් විශ්‍රාමයන්න 63 වෙනකල් ඉල්ලයි

විශේෂඥ වෘත්තීන්වල නියැළෙන වෘත්තිකයන්ට විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා ලබා දී ඇති අවස්ථාවක තමන්ටත් ලබාදෙන ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා තිබේ. පසුගියදා කථානායකවරයා සමග එහි සේවක සංගම් සිදු කළ සාකච්ඡාවේ දී කළ එම ඉල්ලීමට ඇතැම් සේවකයින් විරෝධය පළ කරති.

පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු අටක විධායක ශ්‍රේණි, විධායක නොවන හා සුළු සේවකයින් ලෙස සේවකයින් 850ක් පමණ සේවය කරති. දැනට එම සේවකයින්ට වයස අවුරුදු 60න් විශ්‍රාම යාම තවත් වසර දෙකක් හෝ තුනක් දක්වා දීර්ඝ කර දෙන ලෙස ඉල්ලා ඇත. මේ සම්බන්ධයෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ එම ඉල්ලීම සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගන්නා බවයි.

(Aruna)