පසුගියදා ජනාධිපති සමාව ලැබ මරණීය දණ්ඩනයෙන් නිදහස් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (12) අරලියගහ මන්දිරයේදී පැවැත්වී තිබේ.
මේ අනිත්‍ය ලෝකයේ අමාත්‍යාංශ පමණක් නිත්‍ය යැයි තමන් නොසිතන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සිදුවන කෙනෙහිලිකම් සහ ජනතා ගැටලුවලට නායකත්වය සැපයීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවට ඉදිරිපත්ව ඇති යෝජනා විසඳා ගැනීම සඳහා ජනාධිපතිවරයා සමග ලබන 21 වන බදාදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් වෙයි.
තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව පැවරූ නඩුවකින් රුපියල් මිලියන 500ක මුදලක් තමන්ට ගෙවීමට අධිකරණයෙන් ඇයට නියෝග ලබාදී ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපහාස වන අන්දමේ ප්‍රකාශ නොකරන්නැයි තමන් දිළුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ආදරයෙන් ඉල්ලා සිටින බව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.
ආර්ථිකය හැසිරිවිමට ඇති හැකියාව හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මුදල් අමාත්‍ය ධූරය බැසිල් රාජපක්ෂට ලබා දුන් බව අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
තමන්ට එරෙහිව අසත්‍ය ප්‍රකාශ සිදුකළ සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර ඇති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර සිටිනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කැමති නම් ආණ්ඩුවෙන් ඉවත්ව යා හැකි බවත් එසේ ඔවුන් ඉවත්ව ගියත් එයින් ආණ්ඩුවේ සංයුතියට ලොකු බලපෑමක් සිදු නොවන බවත් රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම මහතා අවධාරණය කරයි.
The UNP which commented on the pictures that are being circulated on social media said there was no secret political discussion between MP Ranil Wickremesinghe and Prime Minister Mahinda Rajapaksa on Thursday night.
ආණ්ඩුවේ කැරලිකාර කණ්ඩායමක් බවට පත්ව සිටින විමල් වීරවංශ අමාත්‍යවරයා සහ උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායම සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් සතිඅන්තයේදී පවත්වා තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත මෙම සාකච්ඡාව පැවති බවයි වාර්තා වන්නේ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා උපන් දින සාදයකදී සුහද කතාබහක නියැළී සිටින ආකාරය දැක්වෙන ඡායාරූප පෙළක් පසුගිය දින දෙක තුළ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වේගයෙන් සංසරණය වනු දක්නට ලැබිණි.
Police should read the constitution and uphold the people’s right to association and expression and should refrain from acting as a puppet of the government, Leader of Opposition Sajith Premadasa said yesterday.
While claiming that silence itself was a voice, Industry Minister Wimal Weerawansa said there was no change in their stance in allowing dual citizens to enter Parliament.
පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබුණු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතෙහි අර්තර්ගතව ඇති පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීමට ඉඩදෙන ප්‍රතිපාදන ඉවත් නොකරන්නේ නම් තමන් එම පනතට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බව විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට දැනුම් දී තිබේ.
ඉදිරි සති දෙක තුනක කාලය තුළ පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් සිදුකිරීම කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමුව ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
කුරුණෑගලදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ වත්මන් ආණ්ඩුව පිහිටුවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගයක් වූයේ නැතැයි පවසන්නේ උද්දච් ගුණමකුවන් බවයි.
තමන්ට පවරා ඇති වගකීම් නිසි ලෙස ඉටු නොකරන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ඇතැම් රාජ්‍ය අමාත්‍යවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විවේචනය කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා. ඔවුන් වෙනත් අරමුණු මුල්කර ගනිමින් එවැනි ක්‍රියාවල නිතර වන බවට සැකයක් මතු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.
තමන් ඇතුළු පිරිස නිරෝධායනට යැවූ ආකාරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශ අමූලික අසත්‍ය බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පවසයි.
Page 267 of 549