Saturday, July 05, 2025
Follow Us
ඇමති උදය ගම්මන්පිල නිරෝධායනයට

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙනවා. ඒ එම අමාත්‍යාංශයේ සේවකයින් පිරිසකට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන්.

අද දිනයේදී සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය අනුව තමන් ආසාදිතයෙක් නොවන බවට තහවුරු වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වුවත් අමාත්‍යාංශය විෂබීජහරණයට ලක් කළ බවත් ලබන සිකුරාදා (06) දක්වා එය වසා තබන බව බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව සිය නිල ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියා.

(Neth)