ඇමතිවරුන් කිහිපදෙනෙක් නිරෝධායනයේ
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කොවිඩ් ආසාදිතයකු බව ඊයේ (04) තහවුරු වූයේය.
අමාත්‍යවරයාට සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් මේ බව තහවුරු වී ඇති අතර අද දිනයේ අමාත්‍යවරයාට පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි වාර්තා වේ
මේ අතර සිය කාර්ය මණ්ඩල හා ආරක්ෂක අංශ සාමාජිකයන් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඇමැතිවරුන් වන උදය ගම්මන්පිල, ඩලස් අලහප්පෙරුම, ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ විමල් වීරවංශ නිරෝධායනයට යොමු කර ඇත.
මේ හේතුවෙන් උදය ගම්මන්පිල ඇමැතිවරයාගේ බලශක්ති අමාත්‍යාංශය වසා දමා ඇති අතර අනෙක් ඇමැතිවරුන් තිදෙනාගේ ඇමැති කාර්යාල ද වසා දමා තිබේ.
මෙම අැමැතිවරුන් සියලු දෙනාම කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙනද ඇත.
(Aruna)