Saturday, July 05, 2025
Follow Us
රසායනික පොහොර ආනයන අවසරක් දුන්නා දැයි හර්ෂ ද සිල්වා විමසයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා’ රසායනික පොහොර ආනයනයට අවසර ලබා දී තිබේ දැයි අද (03) පාර්ලිමේන්තුවේ දී විමසීමක් සිදුකර තිබේ.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව ඊයේ (02) සියලු බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් වෙත ඊට අදාළ නිවේදනයක් නිකුත් කර තිබෙන බවය.

එම නිවේදනයට අනුව බලපත්‍රයක් යටතේ රසායනික පොහොර ගෙන්වීමට ගැසට් පත්‍රය මගින් අවසර දී ඇති බව මන්ත්‍රීවරයා පවසයි

මේ අනුව නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑසියම් යන මූල ද්‍රව්‍යන්ගෙන් දෙවර්ගයක්, තුන්වර්ගයක් සහිත රසායනික පොහොර වර්ග තහනම් කර ඇති ලැයිස්තුවෙන් ඉවතට ගෙන ඇති බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව මෙවැන්නක් සිදු කර තිබේ ද සහ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ට යොමු කර ඇතැයි පැවසෙන ලිපිය ව්‍යාජ එකක් ද යන්නත් අද (03) පාර්ලිමේන්තුවේ දී හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්ණ කර තිබේ.

(Aruna)