Saturday, July 05, 2025
Follow Us
කොතලාවල පනත විවාදය කල්දැමේ

සමාජයේ මතභේදයට තුඩු දී තිබෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවේදී විවාදයට නොගැනීමට රජය තීරණයක් ගෙන තිබේ.

අරලියගහ මන්දිරයේදී ඊයේ (02) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී එම තීරණය ගෙන තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව එම රැස්වීමේදී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කළ යුතු බවට මෙන්ම එය ඉදිරිපත් නොකළ යුතු බවට මන්ත්‍රීවරුන් අදස් ප්‍රකාශ කර ඇත.

එම තත්ත්වය සලකාබැලීම සඳහා පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවක් පත්කිරීමට ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමුවී තිබෙන බව වාර්තා වෙයි.

කෙසේ නමුත් තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පමණක් නියෝජනය කරන්නේ ද එසේ නොමැති නම් සියලු මන්ත්‍රීවරු නියෝජනය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය කට එළඹී නොමැති බව පැවසේ.

(Aruna)