Saturday, July 05, 2025
Follow Us
සජිත්ගෙන් යාපනය රෝහලට ලක්ෂ 23ක් වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

සමගි ජන බලවේගයේ "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක 'ජන සුවය' ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 22වන පියවර ලෙස රුපියල් විසිතුන් ලක්ෂ විසිදහසක් (2,320,000/-) වටිනා අත්‍යාවශ්‍ය රෝහල් උපකරණ යාපනය ශික්ෂණ රෝහලට පරිත්‍යාග කරනු ලැබීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් රුපියල් 2,320,000 වටිනා Dialysis Machine with Portable RO System යන්ත්‍රයක් මෙලෙස පරිත්‍යාග කරනු ලැබුවේ එම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය බවනාතරාජා මහතාට ය.

මෙම අවස්ථාවට ද්‍රවිඩ සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.සුමන්තිරන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රාජිත සේනාරත්න, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ්, සමගි ජනබලවේගයේ නියෝජ්‍ය ලේකම් යාපනය දිස්ත්‍රික් සංවිධායිකා උමාචන්ද්‍ර ප්‍රකාශ් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ "ජනසුවය" ව්‍යාපෘතිය එක්ව "විපක්ෂයෙන් හුස්මක්" වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

(LNW)