ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කණ්ඩායම්වල ඉලක්කය වී තිබෙන්නේ දත්ත මකා දැමීමට වගකිව යුතු පුද්ගලයන් නොව ඒ පිළිබඳව තොරතුරු හෙලිදරව් කරන දේශපාලනඥයන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායකයා මේ බව සඳහන් කළේය.
සහල් මිල ජනතාවට දරාගත නොහැකි මට්ටමට ඉහළ ගොස් තිබෙන්නේ ආණ්ඩුවේ, අවිද්‍යාත්මක තීන්දු තීරණ නිසා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසනවා. සහල් මිල පාලනය කිරීම සඳහා හෝ හිගයකින් තොරව සහල් වෙළඳපොලට පැමිණීම වෙනුවෙන් ආණ්ඩුවට කිසිදු නිශ්චිත වැඩපිළිවෙලක් නොතිබූ බවයි ජවිපෙ නායකයා පවසන්නේ.
මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි ඔක්තෝබර් මස 12 වෙනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
යුගදනවි බලාගාරයේ කොටස් 40%ක් ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට දීම තමන්ට ප්‍රශ්නයක් නොවන බවත් තමන්ට ප්‍රශ්නය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ගෑස් සැපයීමේ ඒකාධිකාරය 2023 සිට වසර පහකට ඇමරිකානු සමාගමකට හිමිවීම බවත් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
පාරිභෝගික ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් දිනපතා පැය 24ටම ගැසට් ගැසීමට අවශ්‍ය නම් එය කළ යුතු බවත් එය රජයේ ප්‍රතිපත්තිය බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පවසයි.
බඩුමිල පාලනය කිරීම සඳහා යැයි කියමින් හදිසි නීතිය පැනවූ නමුත් ඒ ඔස්සේ රටේ ප්‍රධානම ආහාරය වන සහල් මිල පාලනය කරගැනීමට හැකියාවක් ආණ්ඩුවට නොලැබුණු නිසා දැන් හදිසි නීතිය අහෝසි කළයුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි.
හෘදයාබාධ තත්වයක් හේතුවෙන් රෝහල්ගත කළ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ තත්වය සාමාන්‍ය අතට පත්ව ඇති බව වාර්තා වේ. දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී ඔහු මේ වනවිට සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබෙනවා.
ජාතික පුවත් පත් කිහිපයක ඇතුළුව අන්තර්ජාල පුවත් අඩවි වල තමා සුළු පක්ෂ වලට ආණ්ඩුවෙන් යන බවට පලවන පුවත් සම්බන්ධයෙන් ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතා කළ වැඩසටහනකට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යය මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේ තමා ප්‍රකාශ කළ කරුණු මාධ්‍යය විසින් විකෘති කර ඇති බවයි.
අසාර්ථක පාලකයින් නැවතත් රට තුළ ආගම්වාදී ගැටුමක් ඇතිකිරීමට උත්සාහ දරමින් සිටින්නේද යන සාධාරණ සැකයක් මතුවෙමින් තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.
The price of rice is expected to go up once again with the removal of controlled prices while the price of gas too may go up, UNP Deputy Leader Ruwan Wijewardene said yesterday.
ශ්‍රී ලාංකේය ගීතයක් ජාත්‍යන්තරය තුළ ජනප්‍රිය වෙමින් වාදනය වීම ශ්‍රී ලාංකිකයින් ලෙස අපට ආඩම්බර විය හැකි කාරණයකි. විදෙස් රටවල ගීත, නිර්මාණ රසවිදීමට පුරුදුව සිටි අපට දැන් ශ්‍රී ලාංකික අනන්‍යතාවය සහිත අපේම ගීතයක් ලෝක ගීත දර්ශකයේ ඉහළටම යමින් විවිධ භාෂාවන් කතා කරන, විවිධ සංස්කෘතීන් තුළ ජීවත්වන රසිකයින්ගේ හදවත් දිනාගැනීමට හැකිවීම කෙතරම් භාග්‍යයක්ද... එවැනි හපන්කමක්, දක්ෂකමක් එක්කල නව පරපුරේ ගායන ශිල්පිණී යොහානී ද සිල්වා රටට, තරුණ පරපුරට, කලා ක්ෂේත්‍රයට ආදර්ශයක් මෙන්ම අභිමානයක් බව සදහන් කළ යුතුය. එබැවින් ඇය වෙත පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය වෙනුවෙන් මාගේ සුබපැතුම් එක්කරමි.
2022 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
වර්තමානයේ ජනතාවට අවශ්‍ය වන්නේ පෝලිම් යුගය පැවති රාජ්‍ය ඒකාධිකාරී තත්ත්වයක් නොව ජනතාවගේ අවශ්‍යතා ඉටුකළ හැකි, ධනවාදී අරමුණු වෙනස්කර දමන දේශපාලන ක්‍රමයක් බවට ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති ජාතික බලශක්ති ප්‍රතිපත්තිය අනුව LNG ටර්මිනල් ක්‍රියාත්මක විය යුත්තේ රජයේ පාලනය යටතේ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා. එවැනි ප්‍රතිපත්ති පවා උල්ලංඝනය කරමින් යුගදනවි ගිවිසුම හරහා, අලුතින් ඉදිකරන LNG ටර්මිනල් පද්ධතියද ඇමරිකානු සමාගමට ලබා දී ඇති බව මන්ත්‍රීවරයා පෙන්වා දෙනවා.
රටේ නව ආරක ඉඩම් මංකොල්ලයක් සිදුවෙමින් පවතින බවත්, එහි ගොදුරක් බවට පානම ප්‍රදේශය පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකයා මේ බව පැවසුවේ පානම රාගම්වෙල ගම්මානයේ ඉඩම් මංකොල්ලයක් සම්බන්ධයෙන් සැලවීමත් සමග ඒ පිළිබඳව සොයා බැලීමට පානම ශ්‍රී බෝධිරුක්ඛාරාමයට පැමිණි අවස්ථාවේදීය.
Page 246 of 554