Sunday, July 06, 2025
Follow Us
ඇමති ගම්මන්පිල මන්නාරම් ද්‍රෝණියේ බ්ලොක් දෙකක් ඕමානයට දෙන්නේ කුමන පදනමකින්ද ? - කබීර්

කිසිදු ටෙන්ඩර් පටිපාටියකින් තොරව මන්නාරම් ද්‍රෝණියේ බිම්කොටස් දෙකක් තෙල් ගවේෂණය සඳහා ඕමානයට ලබාදීමට රජය කටයුතු කරන්නේ කුමන පදනමකින්දැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ප්‍රශ්න කරයි.

"මේ ආණ්ඩුවටම ලියන පත්තරයක් කියනවා මේ බලන්න හෙඩ්ලයින් එක. "ඕමාන් ටු ගෙට් ටූ බ්ලොක්ස් ඉන් මැනාර් බේසින්". දැන් මේ උදය ගම්මන්පිල මහතා ඕමාන් වලට ගිහිල්ලා ඩොලර් බිලියන 3.5ක ණයක් ගන්නවා කියලා මේකද අල්ලසක් හැටියට ඕමාන් රජයට දෙන්නෙ ? මේ මොනම ටෙන්ඩර් පටිපාටියකින්වත් තොරව දෙන එකක්. මන්නාරම් ද්‍රෝණියේ බ්ලොක් දෙකක් ඕමාන් රජයට දෙන්නෙ මොන පදනම මතද ?

ණය ගන්නට අපේ රටේ හොඳම සම්පත් ටික මේ රටවල් වලට ලියලා දෙනවාද ? කවුද මේවාට අවසර දුන්නෙ ? මේක පාර්ලිමේන්තුවෙ කිව්වාද ? මේකට අනුමැතියක් ගත්තාද ?"

කබීර් හෂීම් මහතා මේ බව පැවසුවේ ඊයේ (05) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)