Monday, July 07, 2025
Follow Us
මැතිවරණ කොමිසමේ සාමාජික ජීවන් ත්‍යාගරාජාට ආණ්ඩුකාර තනතුරක්

මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන ජීවන් ත්‍යාගරාජා මහතා උතුරු පළාතේ ආණ්කාරවරයා ලෙස පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

ඊට අදාල ලිපිය අද ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ත්‍යාගරාජා මහතා වෙත යොමුකර තිබේ.

මැතිවරණ‍ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉවත්වීමෙන් පසුව උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කරන බව දන්වා සිටින ජනාධිපති ලේකම්වරයා පවසන්නේ අදාල තනතුර සඳහා එකඟ වේ නම් ඒ බව දන්වන ලෙසයි.

(LNW)