Monday, July 07, 2025
Follow Us
ඩයනා සමගි ජන බලවේගයෙන් නෙරපා හරී

ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය සමගි ජන බලවේගයේ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කළ බව එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

පක්ෂයේ විනය කමිටුවේ නිර්දේශ මත පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙම තීරණයට එළඹි බවයි ලේකම්වරයා පවසන්නේ.

පසුගිය මහ මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීව‍රියක ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඩයනා ගමගේ මහත්මිය 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝගය පළ කරමින් ආණ්ඩු පක්ෂයට එක් විය.

(LNW)