වතු කම්කරු දෛනික වැටුප රු.1000ක් දක්වා වැඩිකිරීම තවදුරටත් ප්‍රමාද කිරීම නිසා පක්ෂ විපක්ෂ සියලු වෘත්තීය සමිති එක්ව වැඩවර්ජනයකට යාම කළ යුතුව ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
එය රටේ නිෂ්පාදනයට මෙන්ම අපනයනයට පාඩුවක් වුවත් වෙන කරන්න දෙයක් නොමැති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
කුඩා හා මාධ්‍ය පරිමාණ වතුවල මෙම රු. 1000 ගෙවන අතර මහා පරිමාණ සමාගම් වලට මෙය ගෙවීමට නොහැකියි කීම ප්‍රලාපයක් බවයි ඔහු කියා සිටින්නේ.
''මේ සංගම් ඔක්කොටම කිව්වේ අපි එකතුවෙලා වැඩ වර්ජනයක් කරමු. වෙන ඉතුරු වෙලා තියෙන පිළිතුරක් නැහැ. ඒක අපේ රටේ නිෂ්පාදනයට පාඩුවක්. ඒක අපේ රටේ අපනයනයට පාඩුවක්. නමුත් ඒ වුණත් කරන්න දෙයක් නැහැ. අපි වැඩ වර්ජනයකට සූදානම් වෙමු කියල මම නම් පණිවිඩ යැව්වා ඔක්කොම අපේ වෘත්තීය සමිති වලට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ දෙකේම. ඇත්ත කතාවක්ද මේ රු.1000 ගෙවන්න බැහැ කියන කතාව? මේ කුඩා හා මාධ්‍ය පරිමාණයේ පුද්ගලික වතුවල රු. 1000 ගෙවනවා. අනෙකුත් සියලු දීමනාත් සමඟ. මම ඒක පෞද්ගලිකව දන්නවා. ඒ නිසා දෛනික වැටුප 1000ක් ගෙවන්න බැහැයි කියන කතාව මේ කොම්පැණිකරයින්ගේ ප්‍රලාපයක්.'' යනුවෙන් හෙතෙම ප්‍රකාශ කරයි.
(LNW)