Sunday, July 06, 2025
Follow Us
මෙවර අයවැයේදී අවදානය යොමු කළ යුතු දෙයක් ගැන විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු කියයි

පවතින ආර්ථික අර්බුද හමුවේ මෙතෙක් ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති මෙවර අයවැයෙන් වෙනසකට ලක් කිරීමට ආණ්ඩුවට සිදුවනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. අයවැය මඟින් බදු සංශෝධනයක් සිදු කරන්නේදැයි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි නෙත් නිවුස් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.

ඉකුත් කාල සීමාව තුළදී අසාමාන්‍ය ලෙස මුදල් අච්චු ගැසීමේ ප්‍රවණතාව මේ වන විට යම් මට්ටමකින් අඩු වී ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මෙහිදී කියා සිටියා.

(Neth)